ගිනි අවි-ජීව උණ්ඩ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට


(ශාන්ත චන්ද්‍රසිරි)
 
ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ හතක් සමග සැකකරුවන් දෙදෙනෙකු නුවරඑළිය කඳපොල, ගල්පාලම  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
 
මෙම පුද්ගලයන් දෙදෙනා තුවක්කු හා ඊට යොදන ජීව උණ්ඩ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරුවන් රාගල හා හල්ග්‍රන්ඔය ප්‍රදේශවල  පදිංචිකරුවන් දෙදෙනෙකි.
 
මොවුන් ගිනි අවි රැගෙන යන ලද්දේ කුමන අපරාධයක් කිරීමටද යන්න  පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.
 
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතය.