(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගිනි අවි දෙකක් සහ උණ්ඩ පහක් සමඟ පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මතුගම අලුත්ගම පාර පුස්තකාල මාවතේදී අද (22) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
ජර්මනියේ නිෂ්පාදිත ආමිනියස් වර්ගයේ ස්වයංක්‍රීය රිවෝලවරයක්, එම උණ්ඩ තුනක් සහ මෙරට නිෂ්පාදිත නයින් එම් එම් වර්ගයේ උණ්ඩ දැමිය හැකි ගිනි අවියත් එම උණ්ඩ දෙකත් පොලිසිය භාරයට ගෙන ඇත.
මතුගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ඩන්කන් හා ශාන් නමැති පාතාල නායකයන් මෙහෙයවන කල්ලි දෙක අතර කාලයක පටන් පවතින බල අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් ඩන්කන් නමැත්තාගේ ගෝලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
සැකකරුවන් දෙදෙනා මතුගම අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.