සිරංගිකා ලොකුකරවිට, ඩි. ජි. සුගතපාල සහ ජි.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
වානිජ කටයුතු සඳහා ගිං ගඟේ වැලිගොඩ දැමීමට බලපත්‍ර ලබා දී නොතිබුණද නෙළුව, හිනිදුම හා ලංකාගම ප්‍රදේශ වල දිවා රාත්‍රී මහා පරිමාණයෙන් වැලි ගොඩ දමන බවත් මේ හේතුවෙන් ගඟ විනාශ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පවසා සිටියේ අද (17) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අවස්ථාවේදි අදහස් දක්වමිනි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් හේවගේ මන්ත්‍රීවරයා පවසා සිටියේ කිසිදු අවසරයකින් තොරව නෙළුව හා හිනිදුම ප්‍රදේශ වල ගිං ගඟ විනාශ කරමින් වැලිගොඩ දමා මහා පරිමාණයෙන් වැලි ගාල්ලට ගෙන එන බවයි. මේ පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කටයුතු නොකිරීමත් පොලිසිය පවා ඔවුන් අත්අඩංගුවට නොගැනීමත් බරපතල තත්ත්වයක් බවද හෙතෙම කියා සිටියේ ය. මේ සම්බන්දව නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතන නිහඬව සිටින්නේ ඉහලින් ක්‍රියාත්මක වන අදිසි හස්තයක් හේතුවෙන්දැයි සැකයක් මතුවන බවද හේවගේ මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.
මෙහිදි අදහස් දක්වමින් හිනිදුම සහකාර පොලිස් අධිකාරී විපුල සෙනවිරත්න මහතා මෙසේ පවසා සිටියේ ය,
"පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවීම නිසා වැටලීම් සිදුකිරීම අපහසු වී තිබෙනවා. වැලි තොටුපලවල් තියෙන්නේ පොලිසියට ඉතාම දුරින්, සමහර තැන් වලට කිලෝමීටර් 20ක් විතර යන්න තියෙනවා. ජීප් එක පොලිසියෙන් පිටත් වන විට වැලි ගොඩදමන අයට ඔත්තුව ලැබෙනවා. මේ නිසා අත්අඩංගුවට ගැනීම ඉතාම අපහසුයි. තවත් බරපතල ගැටලුවක් වි ඇත්තේ භූ විද්‍ය හා පතල් කාර්යාංශයෙන් ලබාදී ඇති බලපත්‍රයක් උපයෝගී කරගෙන වංචාකාරී ලෙස වැලි ජාවාරමේ යෙදීමයි. මේ බලපතුය නිකුත් කර ඇතතේ ඇඹිලිපිටිය, අම්බලන්තොට හා නෙළුව හරහා ගාල්ල නගරයට ගමන් කිරීම සඳහායි.
අම්බලන්තොට සිට ගාල්ලට යන ලොරියක් නෙළුවට යෑම අවශ්‍ය වන්නේ නැහැ. මෙය තනිකර නීතියෙන් රිංගා යෑමට සිදුකරන උපක්‍රමයක්. මෙවැන් හේතු නිසා මොවුන් නිතියේ රැහැනට හසුකරගැණීම ඉතාම අපහසු වි තිබෙනවා. අදාල නිලධාරීන් සහ මහජන සහාය ද මේ සඳහා අවශ්‍ය වෙනවා.".