ගාලුකොටුව ආසන්නයේ ඉඩමක වසර 300ක් පැරැණි සොහාන්කොත් දෙකක්


( ජේ.කේ.එල්.චාමින්ද)


ලෝක උරුම  ගාල්ල  කොටුව පෙඩරල් විදියේ   ඉඩමක සිදුකරනු ලබන කැනිමකදි වසර 300 කට වඩා පැරැණි  සොහොන් කොත් දෙකක පළක   හමුවි ඇති බැව්  ගාල්ල මාතර පුරාවිද්‍යා සහකාර  අධ්‍යක්ෂිකා වසන්ති අලහකොන් මහත්මිය සදහන් කළාය.


 මෙකි ඉඩමේ සංවර්ධන කටයුතු කිරිම සඳහා ඉල්ලිමක් සැලසුම් කමිටුවට ඉදිරිපත් කර තිබු අතර  ඒ අනුව  හානි ඇගයුම් වාර්තාවක් ලබාදිම සදහා ගාල්ල පුරාවිද්‍යා කාර්යාලය මගින් මෙහි කැනිම් කටයුතු ආරම්භ කර තිබේ.


එම  කැනීමේදි  සොහොන් කොත් දෙකක පලක දෙකක් දෙපසින් හමුවි ඇති අතර තවදුරටත් එහි කැනිම් කටයුතු සිදුකරන  බවද  පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරිය සදහන් කළාය. 


තවමත් එහි පලක වල අකුරු කියවා ගත නොහැකි බවත්  දෙපසින් පලක වල භාග  හමුවි ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

මෙකි ස්ථානය ලන්දෙසීන්  විසින් 1710 -1850 දක්වා  කාලය තුළදි ඔවුන්ගේ ප්‍රභුන්ගේ මළ සිරුරු මෙහි තැන්පත් කිරිම සිදුකර ඇති බවට ලිඛිත සාධක තිබෙන බවද  පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරිය සදහන් කළාය.


 මෙකි ස්ථානය තුල 1865 වර්ෂයේ දි  ගාල්ල මහ නගර සභාවේ පළමු ව්‍යාපෘතිය ලෙස   වෙළද සංකිරණයක්ද  ඉදිකොට තිබුණි.පසුගිය නගර සභා පාලන කාලය තුළදි  නගර සභාව විසින් මෙම  ස්ථානය  බදු පදනම යටතේ  ආයෝජකයෙකුට පවරා දි තිබුණි.