(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කිතුලම්පිටිය රැඳවුම් ළමා නිවාසයේ රඳවා සිටින ළමයින්ගේ සුබ සාධන කටයුතු පාලකවරයා නිසි පරිදි සිදුනොකරන බවට ළමා නිවාසයේ සේවකයෙකු විසින් පැමිණිලි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
ළමයින් පොල්ගස් නංවා ගෙඩි කඩවන බවත් තුවාලයක් හෝ වෙනත් අසනීපයක් වුවිට ප්‍රතිකාර ලබා නොදෙන බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්වේ.
බන්ධනාගාර ගත කිරීමට නොහැකි බාල වයස්කාර පිරිමි ළමයින් 8දෙනෙකු අධිකරණ නියෝග මත පරිවාස නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ දැනට මෙම රැඳුවම් ළමා නිවාසයේ රැඳවා ඇත.
දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් මහේෂ් රාජිත කරුණානායක මහතාගෙන් විමසුවිට කියා සිටියේ රැඳවුම් නිවාසයේ පාලකවරයා සහ පැමිණිලිකාර සේවකයා අතර තිබෙන පුද්ගලික ගැටුමක් මත මෙම පැමිණිල්ල කර ඇති අතර එම සේවකයා සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශය මගින් විනය පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවය.