ඩී.ජී.සුගතපාල
රටේ ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිමත් සමඟ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබෙන රජයේ ප්‍රකාශන කාර්යංශයේ තිබු 19 වැනි ව්‍යවස්ථා සංශෝධන පිටපත් සියල්ලම මේ වනවිට අවසන් වී තිබේ.
පසුගිය ඔක්තෝබර් 26 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරිමෙන් ඇතිවු ව්‍යවස්ථා අර්බුදයත් සමඟ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන්නට වීම නිසා එහි පිටපත් සියල්ලම අවසන් වී ඇත.
ප්‍රකාශන කාර්යංශයේ ප්‍රකාශිකාවක් පැවසුවේ නීතිඥයින්, වෘත්තිකයින්, දේශපාලඥයින් මෙන්ම දේශපාලනය ගැන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනතාව පැමිණ 19 ව්‍යවස්ථා සංශෝධන පිටපත් මිලදී ගෙන ගිය බවයි.
දකුණු පළාතේ තිබෙන එකම රජයේ ප්‍රකාශන කාර්යංශය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති ප්‍රකාශන කාර්යංශය වන අතර දකුණු පළාතේ ඈත ගම්මානවලින් පවා මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන යාමට ගාල්ල ප්‍රකාශන කාර්යංශයට පැමිණෙන බවද එම ප්‍රකාශීකාව පැවසුවාය.