ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 10 ක්



කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

පළාත් පාලන ආයතන මැතිවරණ කටයුතු වෙනුවෙන් නාමයෝජනා මෙවර බාරදුන් දිනයේ සිට  මැතිවරණ පැමිණිලි 10 ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තම කාර්යාලටය වාර්තා ව තිබු බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඒ.බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා පැවසීය.

මෙම පැමිණිලි වලින් වැඩි  ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සම්බන්ධයෙනි.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් දරුණු ආකාරයේ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා මේ වනතෙක්  වාර්තා වී නොමැති බව නියොජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.