ගාල්ලට මහ වැසි


(ඩී.ජී.සුගතපාල)

අද රාත්‍රීයේ ඇද හැළුණ මහ වැස්සෙන් ගාල්ල නගරයේ ස්ථාන කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා මේ වනවිට ගමනා ගමනයට බාධා පැමිණ තිබේ.

ගාල්ල බද්දේගම, ගාල්ල වක්වැල්ල යන මාර්ගවල ස්ථාන කිහිපයක්ද, පෙට්ටිගලවත්ත,දංගෙදර, මොරගොඩ,ආදි ප්‍රදේශවල පහත්බිම් රැසක්ද ජලයෙන් යටවී තිබේ.

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඉදිරිපැය කිහිපය තුලද තදවැසි ඇතිවුවහොත් පිඩාවන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා සූදානමින් සිටින බවයි.