ගාල්ල බන්ධනාගාරයට නව ප්‍රධාන ජේලර්වරයෙක්


(හේමපාල ලියනගේ)
 
ගාල්ල බන්ධනාගාරයේ නව වැඩබලන ප්‍රධාන ජේලර්වරයා ලෙස එල්.පී. පේරුසිංහ මහතා පත් කර ඇත.
 
මෙතෙක් කලක් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවයේ යෙදුණු වී.ආර්. ප්‍රභාත් මහතා උසස්වීමක් ලබා කුරුවිට බන්ධනාගාරයට ස්ථාන මාරුවීම ලැබීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා පේරුසිංහ මහතා මෙලෙස පත් කර ඇතැයි පැවසේ.
 
වැලිකඩල කළුතර හා මාතර බන්ධනාගාරවලද මීට පෙර ජේලර්වරයෙකු සේවය කර ඇති පේරුසිංහ මහතා තෙලිජ්ජවිල ජාතික පාසලේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙකි.