ගාල්ල - පෝද්දල ප්‍රදේශවලින් සැකපිට 7ක් අත්අඩංගුවට


(ඩී.ජී.සුගතපාල ,අහංගම සුමතිපාල දියගහගේ)
ගාල්ල පොලිස් වසම තුල සහ පෝද්දල පොලිස් වසම තුල අද (27) පෙරවරුවේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

පෝද්දල පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේ කරන ලද සෝදිසියකදි මුස්ලිම් ජාතිකයින් සිවු දෙනෙකු සහ ද්‍රවිඩ ජාතිකයෙක්ද ගාල්ල පොලිස් වසමේ හිරිඹුර ප්‍රදේශයේ කරන ලද සෝදිසියකදි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකද අත් අඩංගුවට ගෙන ඇත.