(මොහොමඩ් ආසික්)
මහනුවර මහ නගර සභාවට අයත් කටුගස්තොට ගාලවත්ත කොට්ඨාසය සඳහා මෙවර පැවැති නගර සභා මැතිවරණයෙන් මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සහ එක් මන්ත්‍රීවරියක් ඇතුළුව මන්ත්‍රී ධූර තුනක් හිමිව තිබේ.
මහනුවර මහ නගර සභාව නියෝජනය කරමින් දීර්ඝ කාලයක් මෙම කොට්ඨාසයට මන්ත්‍රීවරයකු නොමැතිව සිටි බවත් ඒ අඩුව පුරවමින් මෙවර මන්ත්‍රී ධූර තුනක්ම කොට්ඨාසයට හිමිව ඇති බවත් ප්‍රදේශවාසීහූ කියති.
මෙලෙස පත්ව ඇති මන්ත්‍රීවරුන් දෙදෙනාත් මන්ත්‍රීවරියත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතර බහු මන්ත්‍රී කොට්ඨාසයක් බැවින් ඡන්දයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත්, අතිරේක ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීවරියකුත් පත්ව සිටිති.
ගාලවත්ත කොට්ඨාසයට මන්ත්‍රී ධුර තුනක්
Recommended Articles