(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා සහ දයා සිරිල් ධම්මික)
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකුට රාජකාරී ස්ථානයේදී සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතබව තෙලිකඩ පොලිසිය කියයි.
මෙම පහර දීම සම්බන්ධයෙන් සැකපිට කෙරදේවල, මාජුවාන පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන්නේ සැකකරු රජයෙන් ලබාදෙන සහන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනයක කටයුතු කඩිනම් කරන ලෙස ග්‍රාම නිලධාරිවරයාට බලකර ඇති ඒ අවස්ථාවේදී ග්‍රාම නිලධාරිවරයා සැකකරුට රාජකාරියට බාධා නොකල ඉවත් වන ලෙස කරන ලද ඉල්ලීමට උරණවී සැකකරු අතතිබූ ආරක්ෂිත හිස්වැසුමකින් ග්‍රාම නිලධාරිවරයාගේ හිසට පහරදී ඇති බව පොලිසිය කියයි.
සැකකරු හෙට (23) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.