ගස්ලබු වගාවේ කළ කංසා වගාවක් වටලයි


(අනීෂා මානගේ)

හම්බෙගමුව අලුත්වැව ප්‍රදේශයේ ගස්ලබු වගාවක් තුළ කංසා වගාකළ අයකු අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරිහු කියති.

ගස්ලබු වගා කර තිබූ පර්චස් 25 ක භූමි පෙදෙසක මෙම කංසා වගා කර ඇති අතර උසින් අඩි හයහමාරක් පමණ වන කංසා පැළ 1050 ක් ගලවා විනාශ කිරීමට නිලධාරිහු පියවර ගෙන තිබිණි.