(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- පුඬළුඔය මාර්ගයට හොලිරූඩ් ප්‍රදේශයේදී විශාල ගසක් අද (07) කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම ගස මාර්ගය හරහා කඩා වැටීම නිසා පැය හතරක පමණ කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට පැවති බව තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතා කීය.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවැසීමට දුරකථන ඇමතුම් රැසක් ගත් බවත් ඒ කිසිඳු දුරකථනයකට වගකියයුතු නිලධාරීයෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වු බවත් ඒ මහතා පැවැසීය.
පසුව නගර සභාවේ බැකෝ යන්ත්‍රය රැගෙනවිත් එම ගස මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවත් එම කටයුත්ත නගර සභාවට අයිති දෙයක් නොමැති වුවත් මාර්ගය අවහිර වී මහජනතාවට සිදුව තිබුණු අපහසුතාවය වැළැක්වීම සඳහා තමා එම පියවර ගත් බවත් සභාපතිවරයා වැඩිදුරටත් කීය.