(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම මහජන ක්‍රීඩාංගනයේ ආරක්‍ෂිත වැට මතට දැඩි සුළඟින් වැටුණු ගසක් මෙතෙක් ඉවත්කර නොමැති නිසා ප්‍රදේශවාසීන් අපහසුතාවයට පත්වී ඇත.
බේරුවල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මෙම ක්‍රීඩාංගනයේ ආරක්‍ෂිත වැට අසලින් දුම්රිය ස්ථානය හා ප්‍රධාන පාසලකට ගමන් කරන මහ මාර්ගයට සමීපව තිබෙන මෙම ගස ආරක්‍ෂිත වැට මතට වැටී දින 14 ක් ගතවී ඇතත් එය ඉවත් කිරීමට බලධාරීන් තවමත් කටයුතු කර නොමැත.