(සුමතිපාල දීයගහගේ )
සොරකම් කරන ලද ගැබ්බර එළදෙනක් ඇතුළු ගවයින් පස් දෙනෙකු ඝාතනය කිරිමට ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් සමඟ සැකකරුවෙකු අද (19) අලුයම කොට්ටව රක්ෂිත වනාන්තරය අසලදී අත්අඩංගුවට ගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියෙකු සේවය නිමවා අලුයම පහට පමණ යතුරුපැදියකින් නිවෙස් බලා යමින් සිටින් විට අක්මිමණ කුරුදුවත්ත හන්දියේදී සැක සහිත කුඩා ලොරි රථයක් පොලිස් නිලධාරීන් දෙදෙනා පසුකර වේගයෙන් ඉදිරියට ධාවනයකර තිබේ .
ඒ පිළිබඳව සැක සිතු පොලිස් නිලධාරීන් දෙදෙනා ඔවුන් පසු පස හඹා ගොස් කොට්ටව රක්ෂිත වනාන්තරය අසලදී ලොරි රථය හරස් කොට යතුරුපැදිය නවතා ඇත. එවිට ලොරි රථයේ රියදුරු පොලිස් නිලධාරීන් දෙදෙනා යටකර පලා යෑමට උත්සා කිරීමේදී වෙඩි තබන බව පොලිස් නිලධාරින් ප්‍රකාශ කිරිමෙන් පසු ලොරිය නවතා පලා යෑමට උත්සාහ කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම ගවයින් මැරීමට අලුත්ගම දර්ගා නගරයට රැගෙන යමින් තිබූ බව පොලිස් පරික්ෂණවලදී අණාවරනයවී ඇත. මේ අතර මීට මාස දෙකකට පමන පෙරද මෙම ලොරි රථයෙන් ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය වෙඩි තබා ඇතත් පලා ගොස් ඇති බවද වාර්තාවේ.
සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.