මොහොමඞ් බුහාර්ඩින්
ලී කුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද(19) අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
ගොකරැල්ල පොලිසිය විසින් සිදුකල හදිසි සොදිසි මෙහෙයුමකදි සැක කටයුතු ලෙස ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමෙන් පසු මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගිරිතලේ ප්‍රදේශයේ සිට කොළඹට ලී කුඩු ප්‍රවාහනය කරන බව හඟවමින් හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කර ගව මස් අලෙවි සැල්වලට විකුණන බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
සැකකරුවන් අද(19) දා අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතය.