ගවයා දුම්රියේ ගැටී අනතුරු දෙකක්


(රොමේෂ් මධුෂංඛ)

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට යාපනය මීසාලෙයි වීරසිංහම් විදුහල අසලදී අද (17) ගවයින් දෙදෙනකු හැපී පාසල් දැරියකගේ වැදීම හේතුවෙන් ගවයින් දෙදෙනා මිය ගොස් දැරිය තුවාල ලබා ඇති බව චාවකච්චේරි පොලීසිය කියයි.

ඉන් එක් ගවයකු විසිවී ගොස් අසල මාර්ගයේ ගමන් කරමින් සිටි වීරසිංහම් විදුහලේ ඉගෙනුම ලබන දැරියගේ (15) ගැටී ඇති අතර එම දැරිය චාවකච්චේරි රෝහලට ඇතුලත් කර ඇත.

සිසුවියගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පැවසීය.