ගල්ප්‍රහාරයකින් බසයකට හානි


 (යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
 උඩුගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයකට හික්කඩුව වවුලගල ප්‍රදේශයේ දි අද (10) නාඳුනන පුද්ගලයකු  විසින්  එල්ලකළ ගල් ප්‍රහාරයකින් බසයේ ඉදිරිපස විදුරුවට අලාභහානි වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.


 මෙකි බස් රථය උඩුගම සිට කොලඹ බලා ධාවනය වෙමින් තිබියදි අද (10) අළුයම 4.45ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ලවි ඇති බැව්  පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.ගල් ප්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුව  ඉරිතලා ගොස් ඇති බවද පැවසේ.


 නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු අතරින් එහි සිටි අයෙකු ගල් ප්‍රහාරය එල්ලකොට ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මොවුන් රාත්‍රී සාදවලට සහභාගි වි දැඩි ලෙස මත්පැන් හා මත්පෙතිවලට ඇබ්බැහිවුවන් බවට හඳුනාගෙන ඇත.  ඒ අසල ඇති සී.සී.ටී.වි කැමරා දර්ශන ඔස්සේ හික්කඩුව පොලිසිය මගින් පරික්ෂණ ආරම්භකර ඇත.