ගල්ගමුවේ කැලෑවක අලියකුගේ සිරුරක්


(ප්‍රියානි මංගලිකා)

ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේ  කැලයක් අසල තිබී ඇතෙකුගේ මළ සිරුරක් අද (28) සොයාගත් බව නිකවැරටිය වනජීවි කාර්යාලය සඳහන් කළේය.

මියගිය අලියාගේ වයස අවුරුදු  40ත් 45ත් අතර වන බවත් අලියාගේ මරණය වෙඩි වැදීමකින් සිදු වූවක්ද වෙනත් හේතුවකින් සිදු වූවක්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් නිකවැරටිය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය විසින්  අලියාගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.