ගල්ගමුව රෝහලේ නව ඉදිකිරීමේ කටයුතු අවසන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්නායක මහතා රෝහල් කාර්ය මණ්ඩලය හා පැවැති සාකච්ඡාවකදී පැවසීය.
ළමා වාට්ටුවක්, බාහිර ප්‍රතිකාර ඒකකයක්, අක්ෂි ශල්‍යාගාරයක් ඇතුළු ශල්‍යාගාර දෙකක් හා හදිසි අනතුරු ඒකකයක් රෝහලට අලුතින් එක්කර ඇත.