ගල්කිස්සේ අනතුර කළ රියදුරු කොළඹට මාරු කරන්න යාමේදී කලබලයක්


( බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 


  ගල්කිස්සේදී පුද්ගලයින් තිදෙනකුට මරු කැඳවමින් තවත් 7 දෙනකුට තුවාල සිදු කිරීමේ  සිද්ධිට සැක අනතුරු සිදු කළ බව පැවැසෙන  රියදුරු කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට ගිය අවස්ථාවේදී  මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්  රෝහලේදී නොසන්සුන්කාරීව හැසිරීමෙන් කලබලයක් ඇති වු බව  රෝහල් අධ්‍යක්ෂ  අසේල ගුණවර්ධන මහතා පැවසීය.


 සැකකකරුගේ පාද  වලට බරපතල තුවාල සිදු  වී  තිබීම හේතුවෙන් ඔහු  අද (09) සවස් වන විටත් හදිසි අනතුරු එකකයේ ප්‍රතිකාර ලැබු බවද අධ්‍යක්ෂවරයා සඳහන්  කළේය.


නමුත් ඔහු  වාට්ටුවට මාරු කිරීමෙන් පසු  කොහුවල පොලීසියෙන් ආරක්ෂාව ලබා දීමට  නොහැකි බව දැනුම් දීමෙන් අනතුරුව එම රෝගියගේ  මෙන්ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන්  මෙලෙස කොළඹ ජාතික රෝහලට මාරු කිරීමට  පියවර ගත් බවද හෙතෙම පැවැසීය.


 නමුත් මිය ගිය අයගේ ඥාතීන් ගිලන් රථයට  හදිසි අනතුරු අංශය වෙත ළඟාවීමට නොදී   නොසන්සුන්ව හැසිරීම හේතුවෙන්  ඒ මොහොතේ එම කාර්ය සිදු කිරීමට නොහැකි වුවද  රෝගියා ජාතික රෝහලට මාරු  කිරීමට පියවර ගන්නා බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.