(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල කන්ඩලම ලේනව ප්‍රදේශයේ අලුතෙන් හදන මුළුතැන්ගෙයි ගල් බැම්මක් කඩාවැටීමෙන් ඊට යටවී පුද්ගලයෙකු (23) දින උදේ මියගොස් ඇතැයි සීගිරිය පොලීිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචි ඉහළගෙදර ලොකුබණ්ඩා (78) නැමැති තිදරු පියෙකි. මෙම නිවසේ පිටුපස අලුතෙන් කුස්සියක් ඉදි ඉදිකිරීම් සඳහා පෙර දිනයේ සෙමෙන්ති ගඩොල්වලින් ගල් බැද කොන්ක්‍රීට් දමා තිබුණු බව නිවැසියෝ කියති.
පසුව මෙම මිය ගිය තැනැත්තා කොන්ක්‍රීට් තට්ටුව සහිත සැටලින් ලෑලි ගැලවීම සඳහා යොමු වී තිබූ බවත් එම සැටලින් ලෑලි ගැලවීමත් සමග එකවැර බිත්තිය පෙරැළී හිස මතට කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට රැගෙන යද්දි මිය ගොස් තිබුණු බව පොලීසිය කියයි
සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.