ගලහ පොලිස් වසමට අයත් ගලහවත්ත රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
අඟහරුවාදා (7) සවස ඇතිවූ මෙම ගින්න මේ වන විට අක්කර දහයක පමණ ප්‍රදේශයකට පැතිර ඇතැයි ද ගින්නෙන් ප්‍රදේශවාසින්හට අනතුරක් නොමැති අතර ගින්න තවත් ව්‍යාප්ත වුවහොත් එහි සිටින වනසතුන් බොහොමයකට අනතුරු සිදුවිය හැකි බවත් පොලිසිය පවසයි.. ටර්පන්ටයින් වගාව සහිත මෙම කැලෑව පවතින වියළි කාලගුණයත් සමග බොහෝ සේ වියළී ඇති අතර එය ගින්න ව්‍යාප්ත වීමට රුකුලක් බව පරිසරවේදීහු කියති.

