අමදෝරු අමරජීව
අලුත්වැඩියාව සඳහා ත්‍රිකුණාමලය විදුලිබලාගාර මාවතේ ගරාජයක් තුළ නවතා තිබු මුතුර් පොලිසියට අයත් ජීප් රථයක් ගිනි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලස්ථාන පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
ගරාජයේ පිටත නවතා තිබු ජීප් රථය පිටුපස කොටස ගිනි ගෙන ඇති අතර ගිනි ගත්තේ කෙසේ ද කවුරුන් හෝ ගිනි තැබුවා ද යන්න සොයා පරික්ෂණ ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක වේ.