මහින්ද නිශ්ශංක
පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට ලැබුණු පැමිණිලි මත නුගේගොඩ ගම් සභා හන්දියේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භුගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තැබු බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය මගින් මෙම සීල් තැබීම සිදු කර එම පිරවුම්හලේ පෙට්‍රල් අලෙවි කිරිම ද තාවකාලිකව අත්හිටුවා ඇතැයි සංස්ථාවේ නිලධරයකු පැවසීය.