( ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සෞඛ්‍ය කාර්ය සහායක වරයෙකුට එම රෝහලේ විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින් ඉතා පහන් අන්දමින් ආමන්ත්‍රණය කිරීම නිසා ඊට විරෝධය පළ කරමින් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (28) පෙරවරුවේ රාජකාරී වලින් ඉවත්ව නිහඩ විරෝධතාවයක නිරතවුහ.
ඊයේ තමන් රාජකාරී අවස්ථාවේ රෝහලෙහි 8 වාට්ටුවට ගිය අවස්ථාවේදී එහි වෛද්‍ය වරයා මෙලෙස පහත් අන්දමින් ආමන්ත්‍රණය කළ බව සිද්දියට මුහුණපෑ සමීර දිසානායක මහතා පැවසීය.
මෙම වෛද්‍යවරයා දිගින් දිගටම මෙලෙස කනිෂ්ඨ සේවකයින්ට මෙලෙස පහත් අන්දමින් ආමන්ත්‍රණය කරන බැවින් මෙවන් තීරණයක් ගනුලැබු බවත් මීට විසදුමක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂ වරයා වෙත පැමිණිලි කළ බවත් ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ගම්පහ රෝහල් ශාඛා සභාපති ආර්.කේ.පී.රත්නායක මහතා පැවසීය.
(ජායාරූප :- සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උද්ඝෝෂණයෙහි නිරතව සිටි අයුරු.)