ගම්පහ අධිකරණයට ගෙනා ආ සැකකරුවෝ 3ක් පලා යති


(ජයන්ත සමරකෝන්)

මහර බන්ධනාගාරය මගින් ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති අතර එක් සැකකරුවෙකු ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත් වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරුවන් තිදෙනාම මත්කුඩු චෝදනාවක් මත රිමාන්ඩ් බාරයේ පසුවන්නන් බවට තොරතුරු හෙළිවී තිබේ.

සැකකරුවන් ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත සිටියදී මෙසේ එකවරම පලාගොස් ඇත්තේ උසාවියේ රැස්වී සිටි සෙනඟ අතරින් බවද දැනගන්නට තිබේ.