ගම්පහ අවට ප්‍රදේශවල මේ දිනවල සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියන් 110ක් ද, සුදු කැකුළු කිලෝවක් රුපියල් 100 ක ද, වන බව පාරිභොගිකයෝ පවසති.
මේ අන්දමට සහල් ඉහළ මිල ඉහළ යාම නිසා සහල් අලෙවියේ අඩුවක්ද පවතින බව වෙළෙන්දෝ පවසති.
සහල් මිල ඉහළ යාම සමග පාරිභෝගික ජනතාව පාන්, මඤ්ඤොක්කා සහ බතල වැනි දෑ ආහාරයට ගැනීමට යොමුවීම මත ඉකුත් සති අන්තයේදී ගම්පහ පොදු වෙළෙඳපොලේ මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 100 ලෙස ද බතල කිලෝවක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබුණි. සහල් මිල ඉහළ යාම නිසා පිටි සහ අල වර්ග වැඩි වශයෙන් අලෙවි වන බව කඩහිමියෝ පවසති.