ගම් උදාව 173 වන ගම්මානය ජනතා අයිතියට


(රෝවන් පෙරේරා)

සැමට සෙවන ගම් උදාව 173 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (03) ජනතා අයිතියට පත් කෙරිණි.

රන්සේලගම නමින් ඉදිවූ ගම්මානයේ නිවාස 28කින් සමන්විතව ඇත.

ඉදිකිරීම් සහා සංස්කෘතික කටයුතු  ඇමැති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ආණමඩුව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා , ප්‍රදේශීය දේශපාලාඥයින් සහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.