( නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් තිබූ ත්‍රීවිල් රථයක් අද (25) පස්වරුවේදී මීගහකිවුල අරාව පාර 16 කණූව ප්‍රදේශයේදී හිටිහැටියේම ගිනිගෙන දැවී ගොස් ඇතැයි පොලීසිය කියයි.
ත්‍රීවීල් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් එය ගිනි ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ගිනි ගනිමින් පැවති ත්‍රීවිල් රථය නිවා දැමීමට එහි රියදුරා සහ ප්‍රදේශවාසීහු දැඩි පරිශ්‍රමයක් දැරුවද ගින්න මැඩ පැවැත්වීමට කිසිවකුටත් නොහැකි වූ අතර ත්‍රීවිල් රථ මුළුමනින්ම ගිනිගෙන විනාශයට පත්වී තිබේ.
මෙලෙස විනාශයට පත්ව ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ ගරාජ් හිමියෙකුට අයත් ත්‍රීවිල් රථයකි.
අලුත්වැඩියා කරමින් තිබූ වෙනත් වාහනයකට අවශ්‍ය අමතර කොටස් තොගයක් රැගෙන ඒම සඳහා බදුල්ල සිට මහියංගන බලා යමින් සිටියදී ත්‍රීවිල් රථය මෙම අනතුරට ලක්ව ඇත.
අනතුර සම්බන්ධයෙන්යෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඇතුල්කෝට්ටේ සජිත්ගේ නම සහ රුව ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිසම දන්වයි