ගණ පූර්ණය නොමැතිව සබරගමු පළාත් සභාවේ මාසික රැස්වීම කල්දමයි


(අජිත්ලාල් ශාන්තඋදය)‍

ගණ පූර්ණය නොමැතිකමින් සබරගමු පළාත් සභාවේ මාසික රැස්වීම තාවකාලිකව නවතා එය මැයි 16 වැනි දාට කල් තැබීමට මුලසුන හෙබවූ නියෝජ්‍ය සභාපති උදයකාන්ත ගුණතිලක මහතා අද (25) කටයුතු කළේය.

සභාවේ ගණ පූර්ණය නොමැති බව එක්සත් ජාතික පක්‍ෂයේ කේ. එල්. රත්නායක මන්ත‍්‍රීවරයා පැවසු අතර එක්සත් ජාතික පක්‍ෂයේ යෙහියා එම්. ඉෆ්ලාර් මන්ත‍්‍රීවරයා ගණ පූර්ණය නොමැති බවට යෝජනා කළේය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 25 දෙනාගෙන් සභාගැබේ සිටියේ මන්ත්‍රීවරු පස් දෙනකු පමණකි. අතර විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් සභා ගැබේ සිටියේ සිව් දෙනකු පමණි.