(දිලීප් ජයසේකර)
ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිම සම්බන්ධයෙන් වු වරදක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබු සැකකරුවෙකු අධිකරණයේ දී වරද පිළිගැනීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (05) සැකකරුට වසර 4ක බර වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.
මෙලෙස සිර දඬුවම් නියම වුයේ අංක 126, දොන්ස්ලන් වත්ත,පොරමඩුල්ල,රිකිල්ලගස්කඩ පදිංචි මහින්දගේ සුමිත් (36) නැමති සිව් දරු පියෙකුටය.
සැකකරු තණමල්විල කුඩා ඔය ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිට ගෙවතු වැඩෙහි නිරතව සිටින අතරවාරයේ ගංජා කිලෝ 30යි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ වරදට කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.