ගංජා සමඟ රියදුරු අත්අඩංගුවට


 

(අනීෂා මානගේ)
                         
ගංජා මිලිග්‍රෑම් දෙදහසක් ළඟ තබාගත් බව කියන රියදුරකු  අද (15) අලුයම බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු කම්බුස්සාවල,ජූල්ගහහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන පුද්ගලයෙකු වන අතර ඔහු  බීමතින් යතුරුපැදියක් ධාවනය කරමින් සිටියදී පොලිසිය  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පරික්ෂා කිරීමේදී ගංජා මිලිග්‍රෑම් දෙදහසක් සොයාගෙන තිබේ. 

බීමතින් රිය පැදවීම හා ගංජා සන්තකයේ තබාගැනීමේ චෝදනා යටතේ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.