ගංජා සමග අයෙක් දැලේ


(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 12ක් වටිනා කේරල ගංජා කිලෝ හතරක් සමග සැකකරුවකq පිටකොටුව ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්යය බළකායේ විශේෂ මෙහෙයුම් 3 ඒකකයට ලද බුද්ධි තොරතුරකට අනුව අද (25) පෙපෙරවරුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

කොළඹ කොටුව කදිරේෂන් වීදියේ දී සැකකරුවකුව පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 4 සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිසියට භාරදී ඇත.

.