ගංජා විකුණන්න උසාවි ආ අක්කා මලෝ අත්අඩංගුවට



 
එච්. චන්දන 
 
පුත්තලම අධිකරණ  ඇතුළත ගංජා  විකිණීමට පැමිණි අක්කා ,මල්ලී දෙදෙනකු  ගංජා පැකට් සමග අත් අඩංගුවට ගත් බව  පුත්තලම පොලීසිය කියයි.
 
කල්පිටිය - පල්ලියවාස්තුරේ  පදිංචි මේ දෙදෙනා  නඩු විභාගයක් සදහා මුදල් බැඳීමට  යැයි පවසා කුඩා දරුවකුද අතැතිව පුත්තලම අධිකරණයට  පැමිණ ඇත.

අධිකරණ භූමියේ පොලිස් මුර පොළේ රාජකාරි කරමින්  සිටි  කාන්තා පොලිස් නිළධාරිනියක මෙම කාන්තාව පරීක්ෂා කළ අවස්ථවේ ඇගේ තිසර පටය  අතුළත සඟවා තිබූ ගංජා පැකට් 07 සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. ඇගේ මල්ලිගේ මුදල් පසුම්බිය පරීක්ෂා කරන විට  එහි තිබී එක් ගංජා පැකට්ටුවක් සොයා ගෙන තිබේ.
  
අධිකරණ ඇතුලත බන්ධනාගාර ගතකර ගෙන එනු ලබන විවිධ වැරදිවලට සිරදඩුවම් විදින උදවියට ඉතා සූක්ෂම අයුරින්  මෙම පැකට් වැඩි මුදලට අලෙවි කරන්නේදැයි සොයා බලන බව පොලිසිය කියයි.