ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් අත්අඩංගුවට



 
 
ජුඩ් සමන්ත

 
පාසල් දරුවන් සහ තරුණයින් ඉලක්ක කරගෙන අලෙවි කිරීම සඳහා වෙළ ඳසලක ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර  මෝදක ගුලි 1500 ක් සමඟ සැකකරුවක් අද (29) මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වා ගෙන යන අයෙකි.

වෙනත් ස්ථානයකින් ගෙන එන ගංජා මිශ්‍ර මෝදක තමන්ගේ නිෂ්පාදනයක් ලෙස එකක් රුපියල් 200 ක මුදලකට අලෙවි කර ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇත.

සැකකරු සතුව තිබී පොලිස් බාරයට ගෙන ඇති මදන මෝදකය ගුලිවල බර කිලෝ ග්‍රෑම් 15 ක් බව වැටලීම කළ නිලධාරීන් කියයි.