(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට රැගෙනවිත් ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබූ කෝටි එකහමාරක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 120 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කිලිනොච්චිය, චුන්ඩිකුලම ප‍්‍රදේශයේදී අද (5) උදෑසන අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මහ පරිමාණ කේරළ ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතා ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා කේරළ ගංජා ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
සෙවිලි ෂීට් පටවන ලද ලොරි රථයක සඟවා කොළඹ ප‍්‍රදේශයට මෙම කේරළ ගංජා තොගය රැගෙන යමින් තිබීයදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ලොරි රථයේ තිබී කේරළ ගංජා පැකට් 75 ආසන්න ප‍්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
සැකකරුවන් ධීවර බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට කේරළ ගංජා චුණ්ඩිකුලම් වෙරළට රැගෙනවිත් ප‍්‍රවාහනය කරමින් තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ කිලිනොච්චිය, පලෙයි හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 25ත් 40ත් අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් හා අත්අඩංගුවටගත් කේරළ ගංජා සහිත ලොරි රථය කිලිනොච්චිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.