(ක.ග කරුණාරත්න)
මඩකලපුව - වාලච්චේන ප්‍රදේශයේ සිට නවීන පන්නයේ මෝටර් රථයකින් ගංජා තොගයක් පොලොන්නරුවට ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අද (8) පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.
පොලිස් අත්අඩංගුවට පත් අඹුසැමි දෙදෙනා වාලච්චේන, මාවඩිචේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී ඇත.
කාන්තාව වයස අවුරුදු 30 ක බවත් ඇගේ සැමියා 39 වන වියේ පසුවන බව ද පොලිසිය පවසයි.
පොලිසිය මෝටර් රථය පරීක්ෂා කොට ගංජා තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මෙම අඹුසැමි දෙදෙනාගේ වයස් අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවා එම මෝටර් රථයේ පිටුපස අසුනේ සඟවා තිබූ ගංජා පාර්සලය මත නිදි කරවා සිටි බවද විමර්ශන කටයුතු සිදු කළ පොලිස් නිලධාරයෝ පවසති.