ගංජා කිලෝ 66ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට


(  සිතුම් චතුරංග රොමේෂෟ මදුෂංක)
                කොළඹට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් අසූ ලක්ෂයකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 66ක් සමඟ සැකකරුවන් තිදෙනකු අද (06)  ඕමන්ත පණ්ඩිකෙයියදුකුලම්  ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
                 ඕමන්ත පණ්ඩිකෙයියදුකුලම් ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබෙන කේරළ ගංජා තොගයක් පිළිබඳ වවුනියාව පොලිස් දිසා වැටලීම් ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත කළ විශේෂ වැටලීමකදී සැකකරුවන් හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
            වැටලීම සිදුකළ නිවසෙහි කාමරයක සූක්ෂම ලෙස සඟවා තිබූ තිබූ කේරළ ගංජා පැකට් 33 ක් සොයාගනු පොලිසිය විසින් සොයාගනු ලැබීය.
                ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් කිලිනොච්චියට රැගෙනවිත් එහි සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සැකකරුවන් කේරළ ගංජා ලබාගෙන කොළඹ ප‍්‍රදේශයට රැගෙනයාම සඳහා සූදානම් කර තිබූ බවද පොලිසිය පැවසීය.