
(සිරිනිහාල් ගමගේ)
නාගොඩ මාපලගම ප්‍රදේශයේදී ගංජා මිලි ග්‍රෑම් 500 ක් , කඩු දෙකක් , ටී 56 ජීව උණ්ඩ දෙකක් හා ටී 56 හිස් පතුරම් කොපු හතරක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පැවසීය.
පොලිසියට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා තොරතුරු අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
මෙම සැකකරු නාගොඩ හා ඒ අවට ප්‍රදේශ වලට ගංජා අලෙවි කරන්න පුද්ගලයෙකු බවත‍් සැකකරට ගංජා ලැබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව පොලිසිය කීය.

