කෝටියක ගංජා සමග හතරක් අත් අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටියකට ආසන්න වීදි වටිනා කමක් ඇති කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

සැකකරුවන් සමග කේරළ ගංජා කිලෝ 44යි ,ග්‍රෑම් 212 ක් හා මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත

තලංගම මාලඹේ ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් දමා සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ හතරක් සමග පුද්ගලයක් දෙදෙනකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී පාදුක්ක පොලිස් වසමේ දී තවත් පුද්ගලයකු කිලෝග්‍රෑම් අටක් සමඟ අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු මත එම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ තවත් කේරළ ගංජා කිලෝ තිස් දෙකක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුපොත පාදුක්ක ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 සහ 51 අතර පසු වන බවත් පොලිසිය පවසයි.