(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බව කියන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සහ පවුම් 40 ක ස්වර්ණාභරණ සමඟ පුද්ගලයන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික් නමැත්තා ගේ ගෝලයෙකු බවට අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් රැඳී සිටි නිවස තුළ බෑග් එක දමා තිබී මෙම මුදල් සහ රන් ආභරණ සොයා ගැනීමට හැකිව ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.