කොළොන්නාව රජයේ කර්මාන්තශාලාව ඉදිරිපිට මළසිරුරක්


(නිමන්ති රණසිංහ) 
 

වැල්ලම්පිටියේ පිහිටි කොළොන්නාව  රජයේ කර්මාන්තශාලාව  ඉදිරිපිට තිබී පුද්ගල මළ සිරුරක් හමු වී ඇතැයි පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ  දමන නුවර වැවගල පදිංචි  රවීන්ද්‍ර නිරෝෂණ නැමැති  වයස  අවුරුදු 42 ක පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.
 
මෙම තැනැත්තාගේ නාසයෙන් සහ මුඛයෙන් රුධිරය වහනය වී ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර  මෙය ඝාතනයක් යැයි සැකයක් මතු වී ඇතැයි ද පොලීසිය කියයි.
 
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය එම ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය කළාය.