(ආරියරත්න රණබාහු)
කොළඹ ප‍්‍රසිද්ධ පිරිමි විදුහලක විදුහල්පතිගේ කාර්යාලය තුළදී සිසුන් පිරිසක් සිදුකළ පහර දීමකින් සිසුවෙකු සහ ඔහුගේ පියා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කුරුදුවත්ත පොලිසිය කියයි.
පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ එම විදුහලේ උසස් පෙළ කලා අංශයේ සිසුවෙක් හා ඔහුගේ පියා බවද පොලිසිය කියයි.
විදුහලේ ශිෂ්‍ය නායකයන් පිරිසක් සිසුවාට කිහිප අවස්ථාවකදීම පහර දී ඇති අතර මෙම සිසුවාගේ දෙමාපියන් සිසුවා සමඟ විදුහල්පතිවරයා හමුවීමට ගොස් විදුහල්පති කාර්යාලයේ රැඳි සිටියදී එහි පැමිණ ඇති සිසුන් පිරිසක් සිසුවාට පහරදී ඇති බවත් සිය දරුවාට එල්ල කරන ප‍්‍රහාර වැළැක්වීමට උත්සහ කළ සිසුවාගේ පියාට සහ මවට සිසුන් පහර දී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය වන අවස්ථාවේ විදුහල්පතිවරයා පාසලේ සිට නොමැති අතර විදුහල්පතිවරයා පැමිණෙන තෙක් කාර්යාලයේ රැඳී සිටියදී සිසුන් පිරිස මෙම පහරදීම සිදුකර ඇති බවද පොලිසිය කියයි.
විදුහලේ සිසුන් සහ ගුරුවරුන් බලා සිටියදීම සිසුන් සහ ශිෂ්‍ය නායකයන් පිරිසක් මෙම පහරදීම සිදු කර ඇති බවට පහර කෑමට ලක් වූ සිසුවාගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා සහ ඔහුගේ පියා කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් පසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියේ කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු පැවසුවේ සිසුවාට හා ඔහුගේ දෙමාපියන්ට පහර දුන් සියලූ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි.