කොළඹ කුණු එකතු කිරීම පෙරවරු 6.30 සිට


( ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාව  මගින් කොළඹ නගරයේ කුණු භාර ගැනීම  අද ( 26) සිට පෙරවරු 6.30ට සිදු කරන බව  නාගරික කොමසාරිස්  පාලිත නානයක්කාර මහතා පැවසීය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සංකල්පයකට අනුව නගර අලංකණය හා පරිසර  ආරක්ෂා සඳහා සෑම දිනකම කොළඹ නගරයේ කසල එක් රැස් කිරීම අලුයම 5.30ට සිදු කරන ලෙස උපදෙස් දී තිබූණද  කොළඹ  නගරවැසියන්ගෙන් කෙරුණු ඉල්ලීම් මත එය පෙරවරු 6.30 වශයෙන්ද සංශෝධනය කර ඇතැයි ද ඒ මහතා කියයි.
 
එය අද අලුයම (26) සිට ක්‍රියාත්මක වූ බවද නගර සභාව සඳහන් කරයි. එය එසේ වුවද පෞද්ගලික සමාගම් මගින් අලුයම 5.30 ට කසළ එක් රැස් කිරීමේ කටයුතු සිදු කරනු ලබ‍යි.