කොස්ලන්ද රක්ෂිතයේ කංසා වගා කළ පුද්ගලයකු අත්අඩංගුවට


( ඞී.කේ.රත්න )

කොස්ලන්ද අලූත්වෙල මහලන්ද රක්ෂිතයේ රහසිගතව වගා කර තිබූ කංසා වගාවක් වැටලූ කොස්ලන්ද පොලීසිය කංසා පැල 750 සමග පුද්ගලයෙකු අද (23) අත්අඩංගුවට ගෙන ඇතයි කොස්ලන්ද පොලීසිය පැවසීය.

වැල්ලවාය බලහරුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි නවයක පුද්ගලයෙකු මෙම කංසා පැල තොගයත් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා අලූත්වෙල මහලන්ද රක්ෂිතයේ ගමන් පහසුකම් නොමති දුෂ්කර ප‍්‍රදේශයක අක්කර කාලක භූමි භාගයක මෙම කංසා වගාව පවත්වා ගෙන ගොස් ඇතයි පොලීසිය කියයි.


පොලීසිය මෙම කංසා වගාව වටලන අවස්ථාවේදී මෙම කංසා වගාවේ කංසා ගස් අඩි පහක් පමණ උසට ඉතා සරුවට වැවී තිබී ඇතයි කොස්ලන්ද පොලීසිය කියයි.


අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජේ.එම්.ආර්. බංඩාර මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පෙලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.