(එච්. චන්දන )
රාජකාරීයේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහරදුන් පුද්ගලයකු සොයා පුත්තලම පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
අද (22) උදෑසන පුත්තලම මන්නාරම් මාර්ගයේ සහිරා ප්‍රාථමික විද්‍යාලය අසල රාජකාරී යෙදී සිටි මෙම පොලිස් නිලධාරීවරයා ලියා පදිංචි නොකළ යතුරු පැදියක් පරීක්ෂා කිරීමට යාමේදී එම යතුරු පැදියේ පැමිණි පුද්ගලයා පොලිස් නිළධාරියාට පහරදී තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පුත්තලම පොලිසීයට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන ඩබ්.එස්.ඩි.පෙරේරා (68542) නැමැත්තෙකි. ඔහු මේ වන විට දැනට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇති අතර පහර දුන් පුද්ගලයා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.