සුමතිපාල දීයගහගේ
බලපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමයට අයත් කොස්ගොඩ ජල ටැංකියට කෙරමිණිය ජල පවිත්‍රාගාරයේ සිට ජලය පොම්ප කරන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි ජල කාන්දුවීමක් නිසා අද (18) උදේ 9.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ ජලය බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
මේ නිසා කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශවලට මෙම කාලය තුළ ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ඉංජිනේරු නැදුන් වික්‍රමනායක මහතා පැවසිය.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ස්ථානවලට බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු යොදා ඇතැයිද වික්‍රමනායක මහතා සඳහන් කළේය.
පුපුරා ගොස් ඇති නළ මාර්ගය මේවන විට අලුත්වැඩියා කරමින් පවතින බවද වාර්තාවේ. කෙරමිණිය ජල පොම්පාගාරය අසලදී ජලය පොම්ප කරන නළ මාර්ගයේ මෙම පිපිරුම සිදුවී ඇත.