කොලොන්න පනිල්කන්ද ගොවීහු පාරට බසිති


( පී.ආර්.ගමගේ)

කොලොන්න , උල්ලිඳුවාව  පනිල්කන්ද ප්‍රදේශයේ  ගොවි ජනතාව  තම ඉඩම්වල  අයිතිය  රැක ගැනීම සඳහා   අද ( 07 ) මහ පාරට බැස විරෝධතාවයක්  පැවැත්වූහ. 

එහිදී ඔවුන් පවසා සිටියේ  දිගින් දිගටම  පනිල්කන්ද  ප්‍රදේශයේ   වසර ගණනාවක් මුළුල්ලේ   පදිංචිව ජීවිකාව ගෙනයන  ඔවුන්ටද  අද  ඒ ඉඩම්  අහිමිව  යන  දදැඩි   අවදානමකට ලක්ව තිබෙන බවයි .

ඉඩම්  විවිධ  ධනවත්  පුද්ගලයින්ට  ඉඩම් කොමිසම හා එක්ව   විකුණන බවත් . තමන්ට  පාරට බැසීමට සිදුව ඇති බවත් ඔවුහු කීහ.

රජයේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.